කසල තේ කිලෝ 800 ක් සමග වටවලදී තිදෙනෙක් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

කසල තේ කිලෝ 800 ක් සමග වටවලදී තිදෙනෙක් දැලේ

කසල තේ කිලෝ 800 ක් සමග වටවලදී තිදෙනෙක් දැලේ

ආගරපතන ප්‍රදේශයේ සිට ගම්පොල වෙලම්බොඩ දක්වා වෑන් රථයකින් බලපත්‍රයක් නොමැතිව කසල තේ කිලෝ 800 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු වටවල පොලිසිය විසින් අද (09) දින අලුයම අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

 

මළු 52  බහා තිබූ මෙම කසල තේ තොගය, රාත්‍රී මුර සංචාරයේ යෙදි සිටි පොලිස් නිලධාරීන් විසින් වටවල නගරයේදී වෑන් රථය නතර කර පරික්ෂා කළ අවස්ථාවේ සොයාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් ෆරුක්ඩින් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් තිදෙනා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ඇපකරයක් මත මුදාහැරීමට නියෝග කොට තිබෙන බව වාර්තා වේ.

 

නඩුව වෙනත් දිනයක කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇති බවද අධිකරණ ආරංචි මාර්ග සඳහන් කොට සිටී.
 

views

266 Views

Comments

arrow-up