ලංකාවේ ප්‍රවාහන විශ්වවිද්‍යාලයක් බිහිකරන්න ඇමති බන්දුලගෙන් වෑයමක්

රත්මලාන දුම්රිය වැඩබිම් පරිශ්‍රයේ දැනට පවත්වාගෙන යනු ලබන ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානය, රුසියා සහ බෙලරුසියා ප්‍රවාහන විශ්වවිද්‍යාල සමග ඒකාබද්ධ කරමින් ශ්‍රී ලංකාව තුළ ප්‍රවාහන විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට එම රටවල විශ්වවිද්‍යාල බලධාරීන් සමග සාකච්ඡා කොට ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටී.
එම රාජ්‍යවල පවතින ප්‍රවාහන විශ්වවිද්‍යාල වල දේශීය මෙන්ම විදේශීය සිසුන් ද විශාල ප්‍රමාණයක් ප්‍රවාහන විෂය සම්බන්ධ උපාධි පාඨමාලා හදාරන බව පෙන්වා දෙන අමාත්‍යවරයා, උසස් අධ්‍යාපනයට යොමුවන මෙරට සිසුන්ට මෙන්ම මාලදිවයින, නේපාලය ආදී අනෙකුත් දකුණු ආසියාතික රටවල සිසුන්ට ද ප්‍රවාහන ක්ෂේත්‍රයේ උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව හිමි කර දීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවට වැඩි දුරටත් සඳහන් කර සිටියේය.
226 Views
Comments