2023 මාර්තු 27 - අද දවසේ කාලගුණ වාර්තාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

2023 මාර්තු 27 - අද දවසේ කාලගුණ වාර්තාව

2023 මාර්තු 27 - අද දවසේ කාලගුණ වාර්තාව

ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසන ආකාරයට, අද දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

උතුරු මැද, ඌව සහ වයඹ පළාත් වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල රාත්‍ රීකාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

සුළං වයඹ හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. 20-30 පමණ වේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                         
නගරය උෂ්ණත්වය (සෙඅංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 34 25 95 60 සවස 4.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
මඩකලපුව 32 25 95 70 ප්‍රධාන වශයෙන් වැසි රහිත
කොළඹ 32 26 95 70 සවස 4.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
ගාල්ල 31 26 90 75 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
යාපනය 33 24 90 60 වැසි ස්වල්පයක්
මහනුවර 32 22 95 60 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
නුවරඑළිය 22 10 95 60 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
රත්නපුරය 35 24 95 60 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
ත්‍රිකුණාමලය 32 25 95 70 වැසි ස්වල්පයක්
මන්නාරම 32 26 90 65 සවස 4.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක

 

views

283 Views

Comments

arrow-up