හයිලෙවල් පාරේ රේස් පැදපු පිරිසකට වුණ වැඩේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

හයිලෙවල් පාරේ රේස් පැදපු පිරිසකට වුණ වැඩේ

හයිලෙවල් පාරේ රේස් පැදපු පිරිසකට වුණ වැඩේ

හයිලෙවල් මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධාවන අයුරින් තරගයට යතුරුපැදි ධාවනය කල එකොළොස් දෙනෙකු ඊයේ (19) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

 

එම යතුරු පැදි වල අධික ශබ්දය හේතුවෙන් ප්‍රදේශවාසීන් විසින් කරනලද පැමිණිල්ලකට අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වන අතර, පොලිසිය ප්‍රකාශ කළේ අවුරුදු 18 ත්,  30 ත් අතර වයස්වල පසුවන මොවුන් මහරගම, පන්නිපිටිය, කොට්ටාව, ඇරව්වල සහ පිළියන්ඩල පදිංචිකරුවන් වන බවයි.

 

මෙම පිරිස හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය මංසන්ධියේ සිට ටන්කබෝඩ් මංසන්දිය දක්වා විවිධ වර්ගයේ යතුරු පැදි භාවිතා කරමින් 18 රාත්‍රියේ තරගයට ධාවනයේ යෙදී ඇති බව සඳහන් වේ.

 

මොවුන් ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සඳහන් වේ.

views

206 Views

Comments

arrow-up