විමල් වීරවංශට වරෙන්තු
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
13

විමල් වීරවංශට වරෙන්තු

විමල් වීරවංශට වරෙන්තු

අල් හුසේන් කුමරු ලංකාවට පැමිණි අවස්ථාවේදී මහජනයාට පීඩාවක් වන ආකාරයට උද්ඝෝෂණයක නිරත වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු හත් දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය මගින් පැමිණිල්ලක් ගොනු කර තිබිණි.

 

ඔහු සහ මොහොමඩ් මුසම්මිල්, වීරකුමාර දිසානායක,රොජර් සෙනෙවිරත්න, ජයන්ත සමරවීර, පියසිරි විජේනායක ඇතුළු හත් දෙනකු මෙහි සැකකරුවන් වශයෙන් නම් කර තිබේ.

 

විමල් වීරවංශ ඇතුළු මෙම හත් දෙනාට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ පැමිණිල්ලක් සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.

views

218 Views

Comments

arrow-up