MAR
06
මත්ද්‍රව්‍ය චෝදනාවක් මත දඬුවම් ලබා සිටි වව්නියා බන්ධනාගාරයේ රැඳවියෙකු හදිසියේ මිය යයි

චෝදනාවක් සම්බන්ධයෙන් දඬුවම් ලැබ වව්නියාව බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවෙකු හදිසියේම මිය ගොස් තිබේ.
ඊයේ (05) මෙම රැඳවියා හදිසියේ හටගත් අසනීප තත්ත්වයක් හේතුවෙන් වව්නියාව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.
56 හැවිරිදි කරුණාරත්න බණ්ඩාර නමැති මෙම සැකකරුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මරණයට හේතුව සොයා වව්නියාව රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක වේ.
225 Views
Comments