බේකරි හිමියන්ගේ සංගමය ඉන්දියානු බිත්තර එපා කියයි

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තරවල සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය පිළිබඳ නොදන්නා නිසා බොහෝ බේකරි හිමියන් විදේශ රටවලින් ගෙන්වන බිත්තර මිලදී නොගැනීමට තීරණය කර ඇති බව දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
එලෙස ගෙන්වන ලද බිත්තරවල කල් ඉකුත්වන දිනයක් පිළිබඳවවත් නොදන්නා බැවින් ඔවුන් එම තීරණය ගෙන තිබේ.
ඒ පිළිබඳ අදහස් දක්වමින් එම සංගමයේ සභාපති කමල් පෙරේරා මහතා සඳහන් කළේ, දේශීය වශයෙන් බිත්තර තොග ලබාගැනීමේදී තොග සැපයුම්කරුවන් හරහා කිකිළි බිත්තර දමා තිබෙන දිනය වකවානු පිළිබඳ තහවුරුවක් ලබා ගැනීමට හැකි බවත්, මේ අනුව බිත්තරයක් භාවිතකළ හැකි දින ගණන බේකරි හිමියන් දන්නා බවත් ය.
ඉන්දියාවෙන් ගෙන්වන බිත්තර ප්‍රමිතියෙන් තොරවුවහොත් දැනට ක්‍රියාත්මක වන බේකරි ටික පවා වසා දැමීමට සිදුවන බව පෙන්වා දුන් ඔහු මේ නිසා දේශීය බිත්තර කර්මාන්තය වැඩිදියුණු කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය හා දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමය ඉල්ලා සිටියි.
266 Views
Comments