නාවලපිටියේ රිය අනතුරකින් දෙදරු පියෙක් මිය යයි

අද (20) උදෑසන නාවලපිටිය රෝහල ඉදිරිපිට දී සිදුවු අනතුරකින් දෙදරු පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.
මෙම අනතුර අද උදෑසන 9.15 ට පමණ සිදුව ඇති බව අප වාර්තාකරු පවසයි.
නාවලපිටියේ සිට කොත්මලේ දක්වා ධාවනය වූ වෑන් රථයක් අතුරු මාර්ගයකට ඇතුළු කිරීමට යෑමේ දී අනතුර සිදුව ඇති අතර එම අවස්ථාවේ දී වෑන් රථයේ කණ්ණාඩියේ ගැටී අදාළ පුද්ගලයා බිම වැටී තිබේ. පසුව වෑන් රථයේ රෝදයට යට වී ජීවිතක්ෂයට පත්ව ඇත.
එලෙස අනතුරින් මිය ගොස් ඇත්තේ, නාවලපිටිය බව්වාගම නව ජාතික නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි එස්.පී. හේරත් නැමති 59 හැවිරිදි දෙදරු පියෙකි.
වෑන් රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුව තිබෙන බවත්, රියදුරා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් නාවලපිටිය පොලීසිය පවසයි.
206 Views
Comments