රාජ්‍ය ආයතන හතරක් මේ සතියේ කෝප් කමිටුව හමුවට

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට මෙම සතිය තුළ රාජ්‍ය ආයතන කිහිපයක් කැඳවා තිබේ.
මේ අනුව හෙට (07) මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් කැඳවා ඇති බව වාර්තා වේ.
අනිද්දා (08) දිනයේ දී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ 09 වැනිදා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ද කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.
9 වන පාර්ලිමේන්තුවේ හතර වන සභා වාරය විවෘත කිරීමෙන් අනතුරුව පත් කරන ලද කෝප් කමිටුව පළමු වරට පසුගිය සතියේ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වී තිබේ.
එමෙන්ම හෙට (07) දිනයේ දී පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ වන අතර එහිදී මෝටර් වාහන පනත යටතේ නිකුත් කර ඇති ගැසට් පත්‍ර කිහිපයක නියෝග විවාදයට ගැනීමට නියමිතව තිබේ.
248 Views
Comments