මීටර් 100 ඉසව්ව දිනූ යාපනේ 80 හැවිරිදි කාන්තාව

යාපනයේ වික්ටෝරියා විද්‍යාලයේ පැවති නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ දී ආදි ශිෂ්‍යාවන් සඳහා පැවැත් වූ මීටර් 100 දුර දිවීමේ තරගයෙන් වයස අවුරුදු 80 ක කාන්තාවක් ජයග්‍රහණය කර ඇති අතර වාර්තාකරු පැවසුවේ, ඇය සමග තරගයට ඉදිරිපත්ව ඇත්තේ වයස අවුරුදු 45 ට අඩු ක්‍රීඩිකාවන් හය දෙනකු සහ වයස 50 ට අඩු ක්‍රීඩිකාවන් සිව් දෙනකු බවයි.
එස්.මුත්තනී පුනිතාවනී නම් වයෝවෘද්ධ කාන්තාව මීටර් 100 ඉසව්වේ ශූරතාව දිනා ගත් අතර ඇය වෘත්තියෙන් රජයේ ලිපිකාරිණියක්ව ව සිට විශ්‍රාම ලැබූ අයෙකි.
මෙම ධාවන තරගයෙන් ජයග්‍රහණය කළ එස්.මුත්තනී පුනිතාවනී කාන්තාවට සැලසුම් කර තිබූ ත්‍යාගයට අමතරව එහි පැමිණ සිටි පිරිස් විසින් ද ත්‍යාග සහ මුදල් පිරිනමා ඇති බව වාර්තා වේ.
283 Views
Comments