ගල්අඟුරු වංචාවේ මුදල් වලින් විහාරස්ථාන වලට සූර්ය පැනල සවි කරන ලෙස සෝභිත හිමියන්ගෙන් යෝජනාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
06

ගල්අඟුරු වංචාවේ මුදල් වලින් විහාරස්ථාන වලට සූර්ය පැනල සවි කරන ලෙස සෝභිත හිමියන්ගෙන් යෝජනාවක්

ගල්අඟුරු වංචාවේ මුදල් වලින් විහාරස්ථාන වලට සූර්ය පැනල සවි කරන ලෙස සෝභිත හිමියන්ගෙන් යෝජනාවක්

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පවසන්නේ, විදුලිබල මණ්ඩලයට ගල්අඟුරු මිලදී ගැනීමේ දී වංචා කළ රුපියල් බිලියන 30 ක මුදලෙන් දිවයිනේ සියලුම විහාරස්ථාන වලට සූර්ය පැනල සවි කළ හැකි බවයි.

 

ඇඹිලිපිටිය බෝධිරාජ විහාරස්ථානයේ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ, එසේ කළේ නම් පුවත්පත් දැන්වීම් මගින් විහාරස්ථානවලට සූර්ය පැනල සවි කිරීමට රජයට මහජන ආධාර පැතීමට සිදු නොවනු ඇති බවයි.

 

ඊයේ (05) රාත්‍රියේ විදුලි බිල් ඉහළ දැමීමට විරෝධය පළ කරමින් ප්‍රදේශ කිහිපයක පන්දම් විරෝධතා පවත්වා තිබේ.

 

ජාතික ජන බලවේගය සංවිධානය කළ පන්දම් විරෝධතාවක් නාවලපිටිය බලන්තොට ප්‍රදේශයේ දී පැවැත්වූ අතර මරදන්කඩවල, බලංගොඩ, ගාල්ල සහ කොස්ගම ප්‍රදේශවල ද පන්දම් විරෝධතා පැවති බව වාර්තා වේ.

views

279 Views

Comments

arrow-up