ග්‍රාමීය මට්ටමේ ඉන්ධන පිරවුම්හල් රැසක් වැසීයාමේ අවදානමකට

ග්‍රාමීය මට්ටමේ ඉන්ධන පිරවුම්හල් රැසක් වැසී යාමේ අවදානමකට ලක්වී ඇති බව ඛණිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ප්‍රකාශයට පත්කොට තිබේ.
මෙම සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා පවසන පරිදි විදුලි බිල හා අනෙකුත් වියදම් ඉහළ යාම මෙන්ම QR කේතය භාවිතයෙන් ඉන්ධන බෙදා හැරීම හේතුවෙන් ඉන්ධන අලෙවිය සීමාවීම ඇතුළු කරුණු කිහිපයක් මෙම තත්ත්වයට බලපා තිබේ.
පසුගිය වසරේ ජනවාරි මස සිට මෙම වසරේ ජනවාරි මස දක්වා කාලය සැසඳීමේදී මෙරට ඉන්ධන අලෙවිය 30% ත් 70% ත් අතර ප්‍රතිශතයකින් අඩු වී ඇති බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියි.
මේ අතරින් භූමිතෙල් අලෙවිය 70%ක වැඩිම අගයකින් අඩුවී ඇති බව ඔවුන් සඳහන් කරයි. ලංකා ඔටෝ ඩීසල් අලෙවිය 50%කින් පහළ වැටී ඇති අතර පෙට්‍රල් අලෙවිය ද 30%කින් පහත වැටී තිබෙන බව සඳහන් වේ.
මෙම ඉන්ධන අලෙවිය පිළිබඳ කරුණු සියල්ල ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ වාර්තාවක් මගින් අනාවරණය කොට තිබෙන බවද වැඩිදුරටත් සඳහන් වේ.
228 Views
Comments