කන්තලේ කාබනික තත්ත්ව පර්යේෂණාගාරයට චීනයේ සහය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
13

කන්තලේ කාබනික තත්ත්ව පර්යේෂණාගාරයට චීනයේ සහය

කන්තලේ කාබනික තත්ත්ව පර්යේෂණාගාරයට චීනයේ සහය

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ සංකල්පයකට අනුව කාර්මික තාක්ෂණ ආයතනයේ මැදිහත් වීමෙන් පළමුවරට කන්තලේ ප්‍රදේශයේ ඉදිකෙරුණු කාබනික තත්ත්ව පර්යේෂණාගාරය සඳහා චීනයේ යුනාන් පළාතේ පූර්ණ සහයෝගය ලබාදීමට චීනය එකඟ වී තිබෙන බව වාර්තා වේ.

 

ඒ සඳහා චීනයේ යුනාන් පළාතේ විදේශ සබඳතා කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මා සූ ෂින් මහතා ඇතුළු චීන නියෝජිතයින් පිරිසක් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය ඊයේ හමුවී ඇති බව වාර්තා වේ.

 

කාබනික නිෂ්පාදන තත්ව පරීක්ෂණාගාරයේ බීජ පර්යේෂණ වලට ජාත්‍යන්තර තත්ත්ව සහතික ලබා දීමට ද එම සාකච්ඡාවේදී තීරණය කර තිබෙන අතර, එවැනි ජාත්‍යන්තර මට්ටමේ තත්ත්ව සහතිකයක් ලබා දීමට හැකි පර්යේෂණාගාරයක් මෙරට ඉදි වන පළමු අවස්ථාව මෙය බව ද සඳහන් වේ.

 

මෙම එකඟත්වයට අදාළ ගිවිසුම යුනෑන් පළාතේ ආණ්ඩුකාරවරයා සහ නැගෙනහිර පළාත් විසින් ආණ්ඩුකාරවරිය විසින් එළඹෙන මැයි මාසයේදී අත්සන් තැබීමට නියමිතය.

views

257 Views

Comments

arrow-up