මඩ පොහොර ගොවීන් වෙත බෙදා දීම ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

මඩ පොහොර ගොවීන් වෙත බෙදා දීම ඇරඹේ

මඩ පොහොර ගොවීන් වෙත බෙදා දීම ඇරඹේ

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ යූ.එස්. ඒඩ් ආයතනයේ දායකත්වයෙන් මෙරටට ආයනය කරන ලද ටොන් 36000 ක පොහොර තොගය නිල වශයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට භාර දීම ඊයේ (19) සිදු කෙරී ඇති බව සඳහන් වේ.

 

මෙම පොහොර තොගය භාර දීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන් ද එක්ව සිටි බව වාර්තා වේ.

 

මේ අනුව වගා කන්න තුනකට පසුව ශ්‍රී ලංකාවේ වී වගා කරන ලක්ෂ 12 ක් වන සියලු ගොවීන්ට අද (20) සිට මඩ පොහොර හෙවත් ටී.එස්.පී නොමිලේ ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සඳහන් වේ.

 

පළමු මඩ පොහොර තොගය අද (20) උතුරු සහ නැගෙනහිර පළාත් වලට අයත් සියලු දිස්ත්‍රික්ක වෙත බෙදා හැරෙන අතර එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 11537 ක් වේ.

views

206 Views

Comments

arrow-up