ජනමතය ගැන කතා කරන මහින්ද දේශප්‍රිය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

ජනමතය ගැන කතා කරන මහින්ද දේශප්‍රිය

ජනමතය ගැන කතා කරන මහින්ද දේශප්‍රිය

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටින්නේ එළඹෙන අප්‍රේල් 25 වන දා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ හැකියාව ඉතා අල්ප බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශ වලින් සහ රජයේ මුද්‍රණාලාධිපතිනිය සිදු කරන ප්‍රකාශ වලින් පෙනී යන බවයි.

 

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය වන බවයි.

 

ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වීම මෙයට හේතුව බව හිටපු සභාපතිවරයා පෙන්වා දෙන අතර එම පළාත් පාලන ආයතනවල නියෝජිතයන් දැනටමත් අමාත්‍යවරයා විසින් සිදුකරන ලද දීර්ඝ කිරීමකින් අනතුරුව වසරක කාලයක් වැඩිපුර එම තනතුරු වල රැඳී සිටින බව සඳහන් කර සිටී.

 

ඒ අනුව ඔවුන්ගේ නිල කාලය තවත් වසරක කාලයකට දීර්ඝ කළහොත් එය ජනමතය නොවන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී පවසා සිටියේය.

views

241 Views

Comments

arrow-up