පෙම් පලහිලවුවක් නිසා ගල්ඔය දහම් පාසලක පිහි ඇනුමක්

දහම් පාසලක් තුළ සිදුවූ පිහි ඇනුමක් පිළිබඳ පුවතක් ගල්ඔය ප්‍රදේශයෙන් වාර්තා විය. ගල්ඔය පොලිස් බලප්‍රදේශයට අයත් විහාරස්ථානයක පවත්වාගෙන යන දහම් පාසලක 11 වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවියකට මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පෑමට සිදුව ඇත.
අද (02) උදෑසන 7.45 පමණ විහාර භූමියට ඇතුළු වුනු පුද්ගලයෙකු විසින් ඉමාෂා නම් සිසුවියට තියුණු ආයුධයකින් ඇන පළාගොස් තිබෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගල්ඔය පොලිසියට ලැබුණු තොරතුරක් මත ප්‍රහාරය එල්ල කළ සැකකරු ආයුධයත් සමග අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය. මේ වනවිට සිසුවිය කන්තලේ මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
සැකකරුගෙන් පොලිසිය කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ තමන් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන ලෙසට ඇයට පැවසුවත් එය ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම අනතුර සිදුකළ බවය.
215 Views
Comments