MAR
26
"පාස්කු නඩුවේ වන්දිය ගෙවාගන්න බැරි වුණොත් මොනව වෙයිද දෙයියො දනී" මෛත්‍රී කියයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇති නඩු තීන්දුවට අදාලව ගෙවීමට නියමිත වන්දි මුදල ගෙවා නිමකිරීමට තමාට තවත් ඉතිරිව ඇත්තේ මාස තුනක පමණ කාලයක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.
මේ වනවිට තමා හඳුනන හිතවතුන්ගෙන් හැකි පමණින් මුදල් එකතු කරන බව බද්දේගම ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඒ මහතා සඳහන් කොට ඇත.
අධිකරණය විසින් ලබා දී ඇති කාල සීමාව තුළ ඒ මුදල ගෙවා අවසන් කිරීමට නොහැකි වුවහොත් තමා සම්බන්ධයෙන් අධිකරණය කුමන පියවරක් ගනීද යන්න නොදන්නා බවද සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
358 Views
Comments