බූරු මූණා පරෙස්සම් කරගෙන ආ නීතීඥවරයාගෙන් හෙළිදරවුවක්

අපරාධයක් සම්බන්ධයෙන් නම් කර සිටින සැකකරුවකු ලෙස ප්‍රකාශයට පත් කර තිබියදී, පොලිස් අත්අඩංගුවෙන් පළා යාම සම්බන්ධයෙන් සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල සිරස්තල මවමින් දිවයින පුරා සුපතල වූ අපරාධකරුවෙකු අධිකරණය වෙත භාර කිරීම සඳහා රැගෙන ආ නීතිඥවරයාගෙන් බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පැය 3 කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ඒ අන් කිසිවෙකු නොව ඝාතන රැසක වෙඩික්කරු ලෙස කටයුතු කළ රවිඳු සංඛ ද සිල්වා හෙවත් බූරු මූණා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයාගෙනි.
බූරු මූණා පොලිස් අත්අඩංගුවෙන් පළාගොස් දින දෙකකට පමණ පසු ඩුබායි හි සිටින සිය සේවාදායකයෙකු විසින් දුරකථන ඇමතුමක් ලබාදී, හංවැල්ල සහ රත්ගම වෙඩි තැබීම් වලට සම්බන්ධ අයෙකු අධිකරණයට භාර කරන ලෙස ඉල්ලීමක් කරන ලද බවත්, ඒ අනුව පෙබරවාරි 26 වැනි දින තමන් කුරුණෑගල කොස්කැලේ ප්‍රදේශයේ දී බූරු මූණා හමු වී අධිකරණයට භාර දීමට රැගෙන ආ බවත් එම නීතීඥවරයා ප්‍රකාශ කොට තිබෙන බව පොලිස් ආරංචි මාර්ග හෙළි කර සිටී.
231 Views
Comments