මාරක රෝඩ් ෂෝ අනතුර ගැන ධර්මදූත විද්‍යාලයෙන් විශේෂ ප්‍රකාශයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
02

මාරක රෝඩ් ෂෝ අනතුර ගැන ධර්මදූත විද්‍යාලයෙන් විශේෂ ප්‍රකාශයක්

මාරක රෝඩ් ෂෝ අනතුර ගැන ධර්මදූත විද්‍යාලයෙන් විශේෂ ප්‍රකාශයක්

බදුල්ල ධර්මදූත මහ විදුහල සහ ඌව විදුහල අතර පැවති අන්තර් පාසල් වාර්ෂික ක්‍රිකට් තරගයට සමගාමීව ඊයේ (01) සංවිධාන කර තිබූ රථ පෙළපාළියක දී කැබ් රථයක් පෙරලීයාමෙන් සිසුන් දෙදෙනෙකු මියගොස් තවත් සිසුන් 06 දෙනෙකු තුවාල ලැබීය.

 

සිසුන් දෙදෙනෙකුට දිවි අහිමි කරමින් කැබ් රථයක් පෙරලී යාමේ අනතුරට මුල්වූ රථ පෙළපාළිය තම පාසල විසින් සංවිධානය කරන ලද්දක් නොවන බව බදුල්ල ධර්මදූත මහ විදුහලේ විදුහල්පති එච්.එම්. සෙනරත් බණ්ඩාර මහතා පවසයි. අදාල රථ පෙළපාළිය නවත්වන ලෙස තමන් පොලිසියට දැනුම් දී තිබියදීත් කිසියම් කණ්ඩායමක් මෙය පවත්වා ඇති බව ඔහු ප්‍රකාශ කරයි. ‍

 

අදාල රථ පෙළපාළියට ප්‍රධාන මාර්ගයේ ගමන් කිරීම නවත්වන්නැයි පොලිසිය දැනුම් දී තිබූ අතර සිසුන් රැගත් රථවාහන කිහිපයක් කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා බදුල්ලේ ඉදිකළ නව භූමියට පැමිණ වාහන ධාවනය කරමින් විනෝදවීමේ දී මෙම අනතුර සිදුවී තිබුණි. සිසුන් 15 කට ආසන්න පිරිසක් රැගත් එක් කැබ් රථයක් පෙරළෙන අයුරු ජංගම දුරකතනයක පටිගතවී තිබූ අතර අනතුරින් බදුල්ල ධර්මදූත විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ආර්.එම්. රවිඳු සහ හරේන්ද්‍ර රුක්මාල්ට දිවි අහිමි විය.

 

මෙම රථවාහන පෙළපාලිය පාසල විසින් සංවිධානය කර නොතිබූ අතර අවිධිමත් සංවිධානය කිරීමක ප්‍රතිඵලයක් ලෙස මෙම අනතුර සිදුවූ බවත්,  රථ වාහන පෙළපාළියක් නොපැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කර තිබු පසුබිමක මෙම අනතුර සිදුවී ඇති බවත් විදුහල්පතිවරයා තවදුරටත් සඳහන් කළේය.

 

මේ අතර අද දහවල් අනතුර සිදුවූ ස්ථානයට පැමිණි බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා අනතුර සම්බන්ධයෙන් වූ ස්ථානීය පරීක්ෂණය සිදුකළ අතර පසුව බදුල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත ගිය මෙහේස්ත්‍රාත්වරයා එහිදී මෘත ශරීර පරීක්ෂා කිරීමටද කටයුතු කර තිබුණි.

 

views

236 Views

Comments

arrow-up