ජපන් යන්න ඉන්න අයට මෙන්න සුබම සුබ පණිවිඩයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

ජපන් යන්න ඉන්න අයට මෙන්න සුබම සුබ පණිවිඩයක්

ජපන් යන්න ඉන්න අයට මෙන්න සුබම සුබ පණිවිඩයක්

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඉහළ ආදායම් ලබාගත හැකි, ජපාන රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජපන් රජය සමග ද්විපාර්ශ්වික එකඟතාවකට පැමිණ තිබේ.

 

 

ජපානයේ නිල සංචාරයක නිරත වන කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා, එරට ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයින් හා රැකියා සඳහා බඳවා ගනු ලබන ආයතන වල ප්‍රධානීන් හමුවූ අවස්ථාවේ මෙම එකඟතාවන්ට පැමිණ ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කර ඇත.

 

 

සාත්තු සේවක අංශයේ ශ්‍රමිකයින් බඳවා ගැනීම සඳහා වන විභාග පවත්වන දින ගණන හා මධ්‍යස්ථාන ගණන ඉහළ නැංවීමෙන් වැඩි ශ්‍රමිකයින් පිරිසකට ජපාන රැකියා අවස්ථාවන් විවෘත කරගැනීමට හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා එහිදි පෙන්වා දී තිබේ.

 

 

එහිදී එම කරුණු සැලකිල්ලට ගනිමින් රැකියා අපේක්ෂිතයින්ට එම විභාග වලට පෙනී සිටීමට අවස්ථාව ලබාදීම සඳහා ජපාන කම්කරු අමාත්‍යවරයා සිය එකඟතාව පළ කර ඇත.

views

236 Views

Comments

arrow-up