රාජ්‍ය පාලනය ගැන උගන්වන විශ්වවිද්‍යාලයක් අරින්න ජනපතිගෙන් සැලසුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
02

රාජ්‍ය පාලනය ගැන උගන්වන විශ්වවිද්‍යාලයක් අරින්න ජනපතිගෙන් සැලසුමක්

රාජ්‍ය පාලනය ගැන උගන්වන විශ්වවිද්‍යාලයක් අරින්න ජනපතිගෙන් සැලසුමක්

සංචාරයක නිරත ඉන්දියාවේ යහපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් භරත් ලාල් මහතා සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඊයේ (01) ජනාධිපති නිල නිවසේ දී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටී.

 

මෙම සාකච්ඡාවේ දී මෙරට රාජ්‍ය සේවයේ ඵලදායී වෙනසක් ඇති කිරීම සඳහා උපකාර කරන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡාවට බඳුන් වූ බව වාර්තා වේ.

 

මෙරට තුළ රාජ්‍ය පාලනය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ විශ්ව විද්‍යාල පිහිටුවීමට සහාය වන ලෙස ජනාධිපතිවරයා මෙම හමුවේ දී ඉන්දීය යහපාලන ආයතන අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලීමක් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර සිටී.

views

237 Views

Comments

arrow-up