ලංකාව විදේශ වෙළෙඳපොලට විවෘත විය යුතු බව ජනපති කියයි

වර්ධනය වන ඉන්දීය වෙළෙඳපොළට ශ්‍රී ලංකාව ප්‍රවේශ වීම මෙන්ම අප්‍රිකානු වෙළෙඳපොළ විවෘත කිරීම කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය (PMD) සඳහන් කර තිබුණේ හාවඩ් විශ්වවිද්‍යාලය සමග පැවති සාකච්ඡාවකදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ පිළිබඳ ප්‍රකාශ කළ බවයි.
යහපත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරන ලෙස ඩයස්පෝරාවේ තරුණ තරුණියන්ට ආරාධනා කළ ජනාධිපතිතුමා ඔවුන්ගේ අදහස් සහ නිර්දේශ රටේ ඉදිරි ගමනේ සැලසුම් වලට ඇතුළත් කරන බවට ද පොරොන්දු වී තිබේ.
277 Views
Comments