තවත් ගල්අඟුරු නැව් තුනක් අද දිවයිනට

නොරොච්චෝල ලක්විජය බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු මෙට්‍රික් ටොන් 180,000ක් රැගත් නෞකා තුනක් මේ වන විට දිවයිනට ළඟා වී තිබේ.
නොරොච්චෝල වෙනුවෙන් අවශ්‍ය එමෙන්ම ඇණවුම්කර ඇති ගල් අඟුරු නෞකා 30න් නෞකා 19ක් මේ වන විටත් දිවයිනට පැමිණ ඇති බව ගල් අඟුරු සමාගම සඳහන් කරයි.
මේ වන විට ගල් අඟුරු නෞකාවකින් ගල් අඟුරු ගොඩබෑම් කටයුතු සිදුවන අතර එය අවසන් වූ විට හෙට දිනයේ අද දිනයේ පැමිණ ඇති නෞකා තුනෙන් ගල් අඟුරු ගොඩබෑම ආරම්භ කිරීමට නියමිතය. මේ අතර තවත් ගල් අඟුරු නෞකා 03ක් ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් පවතින බව තවදුරටත් ගල් අඟුරු සමාගම ප්‍රකාශ කරයි.
228 Views
Comments