ගාල්ලේ අද ගංවතුර
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
12

ගාල්ලේ අද ගංවතුර

ගාල්ලේ අද ගංවතුර

ගාල්ල ප්‍රදේශයට අද පස්වරුවේ ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන්, ගාල්ල නගරයේ මාර්ග රැසක් ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.

 

ගාල්ල - බද්දේගම ප්‍රධාන මාර්ගය, තලාපිටිය, දංගෙදර සහ බද්දේගම ප්‍රදේශ ද ජලයෙන් යට වී තිබූ අතර ගාල්ල - වක්වැල්ල මාර්ගය, ගාල්ල නගරයෙන් සහ සංඝමිත්තා විද්‍යාලය අසලින් ජලයෙන් යටව තිබූ බව වැඩිදුරටත් සඳහන් වේ.

 

මෙම මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

 

ජනතාව පවසන්නේ ජලය බැස යන කාණු සහ ඇළ මාර්ග නිසි පරිදි නඩත්තු නොකිරීම මෙලෙස ජලයෙන් යට වීමට හේතුව වී ඇති බවයි.

views

253 Views

Comments

arrow-up