2023 මාර්තු 06 - අද දවසේ කාලගුණ වාර්තාව

ශ්‍රී ලංකාවේ කලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසන ආකාරයට, අද දින නැගෙනහිර සහ ඌව පළාත් වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සබරගමුව පළාතේත්, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.
හම්බන්තොට සිට පොතුවිල් සහ මඩකළපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල වැසිවාර කිහිපයක් ඇතිවේ. හලාවත සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගනී.
සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. 25-35 අතර වේ. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා, සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩිවිය හැක.
මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.
මුහුදු රළ තරංග කාලය වැඩි වීම හේතුවෙන් මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල සවස්කාලයේ සහ රාත්‍රී කාලයේ දී රළ උස වැඩිවීමේ හැකියාවක් ඇත. ඒ අනුව එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි අතර මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතී.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය | දිනය : | 2023-03-05 | |||
නගරය | උෂ්ණත්වය (සෙ. අංශක) | සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) | කාලගුණය | ||
උපරිම | අවම | උපරිම | අවම | ||
අනුරාධපුරය | 32 | 23 | 95 | 60 | වැසි ස්වල්පයක් |
මඩකලපුව | 31 | 24 | 95 | 75 | වැසි වාර කිහිපයක් |
කොළඹ | 32 | 25 | 85 | 60 | සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
ගාල්ල | 31 | 24 | 85 | 65 | සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
යාපනය | 31 | 24 | 90 | 60 | වැසි ස්වල්පයක් |
මහනුවර | 31 | 20 | 95 | 65 | සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
නුවරඑළිය | 20 | 13 | 95 | 75 | සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
රත්නපුරය | 33 | 22 | 95 | 60 | සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
ත්‍රිකුණාමලය | 30 | 27 | 85 | 70 | වැසි වාර කිහිපයක් |
මන්නාරම | 32 | 25 | 80 | 65 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
366 Views
Comments