ළමා නිවාසයක දැරියන් එකොළහක් අපයෝජනය කළ රක්වානේ කාමාතුරයා

රත්නපුර රක්වාන ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පවත්වාගෙන යනු ලැබූ ළමා නිවාසයක දැරියන් එහි පාලිකාවගේ 60 හැවිරිදි සැමියා විසින් අපයෝජනයට ලක්වන බවට ගොඩකවෙල ප්‍රදේශයේ පුද්ගලයකු දුන් තොරතුරකට අනුව කළ විමර්ශනයකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ළමා නිවාසයේ ළමයින් දාහත් දෙනෙකු සිටින අතර ඉන් දැරියන් එකොළොස් දෙනෙකු සැකකරුවා වරින් වර සැකකරු අපයෝජනයට ලක්කර ඇති බව අනාවරණය වී තිබේ.
එමෙන්ම බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්වූ බව කියන දැරියක් ප්‍රතිකාර සඳහා කහවත්ත රෝහලට ඇතුළත් කර තිබේ.
අනෙක් දැරියන්ද ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අත්අඩංගුවට ගත් සැකකරු පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මාර්තු 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී
237 Views
Comments