ලංකාවේ ආපනශාලා වලින් 18% ක් ඉතාමත් අසතුටුදායක මට්ටමක
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

ලංකාවේ ආපනශාලා වලින් 18% ක් ඉතාමත් අසතුටුදායක මට්ටමක

ලංකාවේ ආපනශාලා වලින් 18% ක්  ඉතාමත් අසතුටුදායක මට්ටමක

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසා සිටියේ මෙරට ආපනශාලා අතරින් 18% අසතුටුදායක තත්ත්වයක ඇති බවයි.

 

තවදුරටත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ එම ආපනශාලා සහ හෝටල්   සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

 

"ලංකාවේ දැනට තියෙන හෝටල් සහ ආපනශාලාවලින් 18% අසතුටුදාක තත්ත්වයේ තියෙන්නේ. විශේෂයෙන් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ ආහාර නිෂ්පාදනය කරමින් තියෙන්නේ. ඒ වගේම 27% ක් සාමාන්‍ය තත්ත්වයේත්, 55% ක් ඉතා හොඳ තත්ත්වයේත් තියෙනවා. ලංකාවේ හෝටල් සහ ආපනශාලා 2022 මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආහාර පරිභෝජන කරන වර්ගීකරණ ආයතන ආකෘති පත්‍රයට අනුව කරන සමීක්ෂණ දත්තවලට අනුව තමයි මේ දත්ත ප්‍රකාශ කරන්නේ. විශේෂයෙන් ඒ දත්තවලට අනුව ඇ කාණ්ඩයේ පරිහරණ හෝටල් සහ ආපනශාලා 55% කුත්, ඹ් කාණ්ඩයේ පරිහරණ හෝටල් සහ ආපනශාලා 27% කුත්, C කාණ්ඩයේ අසතුටුදායක තත්ත්වයේ ඒවා 18% කුත් තමයි තියෙන්නේ. මේ මනුෂ්‍ය පරිභෝජනයට නොසුදුසු තත්ත්වයේ ආහාර නිෂ්පාදනය කරන 18% ක් වන හෝටල් සහ ආපනශාලා සංවර්ධනය කිරීම සඳහා සහ ඔවුන් ඹ් කාණ්ඩයටවත් අවම වශයෙන් ගෙන ඒම සඳහා අවශ්‍ය නිවේදන නිකුත් කිරීම, නියාමනය කිරීම, ඒ වගේම අවශ්‍ය අවස්ථාවලදී නෛතිකමය ක්‍රියාමාර්ග ගැනීම වැනි කටයුතුවල අපි නිරත වෙලා ඉන්නවා."
උපුල් රෝහණ මහතා කියා සිටියේය.

 

views

246 Views

Comments

arrow-up