සියලු චෝදනා බොරු - රුහුණේ උපකුලපති කියයි

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්, කථිකාචාර්ය රොහාන් ලක්සිරි මහතාට ජීවිත හානියක් සිදු කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් තමා හට එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවට රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපති විශේෂඥ වෛද්‍ය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසා සිටී.
උපකුලපතිවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වන්නේ කථිකාචාර්ය වරයාගේ කාර්යාලයට විෂ වායුවක් ඇතුළු කර ඔහුගේ ජීවිතයට හානි කිරීමට උත්සාහ කිරීමයි.
අදාල සිදුවීමට විරෝධය පළ කරමින් සහ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සුජීව අමරසේන මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙසට ඉල්ලා එලැඹෙන බදාදා සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා කියා සිටී.
245 Views
Comments