ජලභීතිකාව පැතිරීමේ අවදානමක් ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවයි.
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
06

ජලභීතිකාව පැතිරීමේ අවදානමක් ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවයි.

ජලභීතිකාව පැතිරීමේ අවදානමක් ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවයි.

ඉදිරි කාලයේදී රට පුරා ජලභීතිකා රෝගය සීඝයෙන් පැතිර යාමේ අවදානමක් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේය.

 


පසුගිය කොවිඩ් සමයේ ක්‍රියාත්මක නොවුනු සුනඛයින් එන්නත් කිරීමේ වැඩසටහන ඉන්ධන ගැටලුව නිසාද තව තවත් අක්‍රිය විය.මෙම තත්ත්වය නිසා ඉදිරි කාලය තුළ ජල භීතිකා මරණ වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති විය හැකි බැවින් සුනඛ සපා කෑම් වලින් හැකි තරම් දුරට වැලකී සිටින ලෙසත්, එලෙස හදිසි සුනඛ සපා කෑමක් සිදු වුවහොත් ලඟම පිහිටි රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා ලෙසත්, ඒ මහතා තව දුරටත් කියා සිටී.

 


රෝගය පාලනය කිරීමට සුනඛයින් එන්නත් කිරීමේ වැඩපිළිවෙළ හැකි ඉක්මනින් බිම් මට්ටමින් ක්‍රියාත්මක කළ යුතුව ඇති බවද උපුල් රෝහණ මහතා කියා සිටී.

views

240 Views

Comments

arrow-up