JAN
30
අද සහ හෙට විදුලිය නොකැපේ. ලංවිම සභාපති

උසස්පෙළ විභාගය හේතුවෙන් අද (30) සහ හෙට (31) යන දෙදින තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් අප වෙබ් අඩවිය වෙත පැවසුවේය.
උසස්පෙළ සිසුන්ට සහනයක් පිණිස මෙම තීරණයට එළැඹි බව ද ඔහු සදහන් කළේය.
ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික වැසි සමඟ ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය ඉහළ දැමීමට හැකියාව ඇති බැවින් මෙම තීරණය ගත් බව ද සභාපතිවරයා වැඩිදුරටත් මෙහිදි කියාසිටියේය.
266 Views
Comments