සක්විති රණසිංහට නියෝගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
23

සක්විති රණසිංහට නියෝගයක්

සක්විති රණසිංහට නියෝගයක්

 

මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පිහිටුවා ගණුදෙනුකරුවන් වෙත අධික පොලී ලබාදෙන බව පවසා තැන්පත් කරවාගත් රුපියල් කෝටි 14කට අධික මුදල නැවත ගෙවීමේ සැලැස්ම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස සක්විති රණසිංහ ඇතුළු විත්තිකරුවන් 11දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (23) නියෝග කළේය.

 

විත්තිකරුවන් විසින් අදාළ මුදල නැවත ගෙවීම සඳහා එකඟ වී ඇති බවද අධිකරණයේදී අනාවරණය විය.

 

විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා 19ක් යටතේ ගොනුකර ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම නියෝගය ලබාදුන්නේය.

 

ඒ අනුව අදාළ සැලැස්ම එළඹෙන නඩු දිනය වන මාර්තු මස 17 වනදා අධිකරණය වෙත දැනුම්දෙන ලෙසට අධිකරණය එහිදී වැඩිදුරටත් නියෝග කළේය.

views

95 Views

Comments

arrow-up