JAN
23
පාන් මිල බහින ලකුණු

පාන් අලෙවිය සියයට 50 කින් පමණ අඩුවීම හේතුවෙන් පාන් ගෙඩියක මිල ඉදිරියේදී අඩු කිරීම සම්බන්ධයෙන් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ අවදානය යොමුව තිබේ.
දිවයින පුරා බේකරි හිමියන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව ඒ සම්බන්ධයෙන් ඉදිරි සතියේදී රැස්වී තීරණයක් ගැනීමට නියමිතයි.
වෙළඳපළේ පාන් ගෙඩියක් රුපියල් 170 කට මේ වන විට අලෙවිවන අතර මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයන් පාන් පරිභෝජනය අඩුකර ඇති බව බේකරි හිමියන් පෙන්වා දෙයි.
200 Views
Comments