කෙසෙල්වත්ත පොලීසියට වැඩ වරදින ලකුණු
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
23

කෙසෙල්වත්ත පොලීසියට වැඩ වරදින ලකුණු

කෙසෙල්වත්ත පොලීසියට වැඩ වරදින ලකුණු

 

නීතිඥවරුන් පිරිසක් සම්බන්ධව කෙසෙල්වත්ත පොලිස් ස්ථානය මඟින් අධිකරණය වෙත “බී” වාර්තාවක් ඉදිරිපත් කිරීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා.

 

 

කෙසෙල්වත්ත පොලිස් ස්ථානය අදාළ “බී” වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ පොලිස්පතිවරයාගේ හෝ පොලිස් මුලස්ථානයේ නීති කොට්ඨාශයේ දැනුමකින් තොරව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේ.

 

 

මේ අනුව ඒ පිළිබඳව සොයා බලා කඩිනමින් ලබාදෙන ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

views

95 Views

Comments

arrow-up