බියගම පැවති ෆේස්බුක් සාදයක් වටලයි පුද්ගලයින් 32 ක් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
13

බියගම පැවති ෆේස්බුක් සාදයක් වටලයි පුද්ගලයින් 32 ක් දැලේ

බියගම පැවති ෆේස්බුක් සාදයක් වටලයි  පුද්ගලයින් 32 ක් දැලේ

බියගම, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක පැවති ෆේස්බුක් සාදයක් වැටලීමෙන් සැකකරුවන් 31 ක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. බියගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (12) අලුයම් කාලයේදී මෙම වැටලීම සිදුකර ඇත.

 

පොලීසිය විසින් වැටලීම සිදුකරන අවස්ථාවේ දී මත් කරල් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 03 දෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු, ගංජා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 07 දෙනෙකු සහ තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. තවද, මත්පෙති සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් හා සැකපිට පුද්ගලයින් 06 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරිය මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, මරදාන, ග්‍රෑන්ඩ්පාස්, පෑලියගොඩ සහ කැලණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අවුරුදු 20 ත් 27 ත් අතර වයස්වල පසුවන අය බව පොලිසිය පවසයි. අද (13) සැකකරුවන් හා සැකකාරිය මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. බියගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

271 Views

Comments

arrow-up