හක්ක පටස් සමග අයෙක් දැලේ.

පදවිය රුවන්පුර පදිංචි වයස අවුරුදු 40ක විවාහක පුද්ගලයෙකු ළඟ තිබී මෙරට නිෂ්පාදිත ගිණි අවියක්, ඒ සඳහා යොදා ගන්නා ජීව උණ්ඩ 11ක් සහ හක්ක පටස් මර උගුල් සෑදීමට යොදා ගන්නා චීන පටස් 356ක් කැබිතිගොල්ලෑව කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන් විසින් සිදු කළ මෙහෙයුමක දී අත් අඩංගුවට ගෙන ඇත.
මෙම ජීව උණ්ඩ සහ චීන පටස් සැකකරු සිය නිවසේ සඟවාගෙන සිටින බවට කොට්ඨාශ අපරාධ විමර්ශන නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදු කරන ලද පරීක්ෂා කිරීමකදී සොයාගෙන තිබේ.
සතුන් දඩයම් කිරීම සඳහා සැකකරු මෙම පුපුරණ ද්‍රව්‍ය යොදා ගෙන ඇති බවත්, වන අලින් සහ වන සතුන් මරා දැමීම සඳහා යොදා ගන්නා හක්ක පටස් විශාල ප්‍රමාණයක් සැකකරු විසින් ගෙනවිත් තබාගෙන ඇති බවත් පොලිසිය විසින් අනාවරණය කර ගන්නා ලදී.
මෙම සැකකරු අද කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩි දුර පරීක්ෂණ පදවිය පොලිසිය මගින් සිදු කෙරේ.
223 Views
Comments