පොලිස් කොස්තාපල්වරියකට පහරදීමක්

තෙල්වත්ත මැටිවල පදිංචි පොලිස් මූල්‍ය හා වාණිජ අපරාධ කොට්ඨාශයේ සේවය කරනු ලබන කොස්තාපල්වරියකට ඊයේ ගාල්ල කොලඹ ප්‍රධාන මාර්ගයේදී පහරදීමක් සිදුව තිබේ.
මෙම කොස්තාපල්වරිය හා එම කොට්ඨාශයේම සේවය කරන තවත් කොස්තාපල්වරියක් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔවුන් පසුපස ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු අකුරල ප්‍රදේශයේදී මෙම පහරදීම සිදු කර ඇති බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.
සිද්ධිය වන අවස්ථාවේ කොස්තාපල්වරියන් දෙදෙනා සිවිල් ඇඳුමෙන් සිට ඇති අතර මාර්ගයේදී ඇති වූ බහින් බස් වීමක් හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බවට වාර්තා වේ.
සැකකරු පැමිණි ත්‍රීරෝද රථයේ හිමිකරු හඳුනාගෙන ඇති අතර වැඩි දුර පරීක්ෂණ අම්බලන්ගොඩ පොලිසිය විසින් සිදු කරයි.
210 Views
Comments