යාපනයේ යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුමුවට. (ඡායාරූප සහිතයි)
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
06

යාපනයේ යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුමුවට. (ඡායාරූප සහිතයි)

යාපනයේ යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුමුවට. (ඡායාරූප සහිතයි)

යාපනය මරුදනාමඩම ප්‍රදේශයේ සිට කොක්කුවිල් දක්වා ගමන් ගත් යතුරුපැදියක්, යාපනයේ සිට මරුදනාමඩම බලා ගමන් ගත් වෑන් රථයක ගැටී සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත් විය.

 

මෙසේ මිය ගොස් ඇත්තේ යාපනයේ ඔට්ටමාවඩි ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.මෙහිදී 17 හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුලත් කර ඇත.

 

ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ, යතුරුපැදි තුනක් අධික වේගයෙන් ගමන් කරමින් සිටියදී එක් යතුරුපැදියක් වෑන් රථයේ ගැටී ඇති බවයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩි දුර විමර්ශණ සිදු කරයි.

 


 

 

views

222 Views

Comments

arrow-up