එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බැංකි මූන් අද දිවයිනට.

කෙටි සංචාරයක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බැංකි මූන් මහතා අද අලුයම දෙකට පමණ සිංගප්පූරුවේ සිට, ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ. එල්. 309 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණ තිබේ.
එතුමා සමග, එතුමාගේ බිරිඳ ඇතුළු, සිවු දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් පැමිණි අතර, විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා විසින් කටුනායක ගුවන් තොටුපොල විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී ඔවුන් පිළිගනු ලැබීය.
එතුමන් ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය අතර තුර හරිත සංවර්ධනය සහ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ගිවිසුම් කිහිපයකට ද එළඹීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.
බැංකි මූන් මහතා ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ වත්මන් සභාපතිවරයා ද වෙයි.
206 Views
Comments