මෝටර් රථයක් දුම්රියේ ගැටී කාන්තාවක් මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
13

මෝටර් රථයක් දුම්රියේ ගැටී කාන්තාවක් මිය යයි

මෝටර් රථයක් දුම්රියේ ගැටී කාන්තාවක් මිය යයි

ගෙලිඔය කරමඩ ප්‍රදේශයේදී බදුල්ල සිට කොළඹ බලා ධාවනය වු දුම්රියේ මෝටර් රථයක් ගැටීම නිසා එහි ගමන් ගත් කාන්තාවක් මිය ගොස් ඇති අතර තව තිදෙනෙකු බරපතල තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ බව පේරාදෙණිය පොලිසිය පවසා සිටී.

 

මොවුන් කොළඹ සිට ගෙලිඔය ප්‍රදේශයේ ඥාති නිවසකට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි පියුමිකා ජනනි නැමැති 61 හැවිරිදි කතකි.

 

ගෙලිඔයෙන් කරමඩ ප්‍රදේශයට යාමට ඇති අතුරු මාර්ගයට පිවිසීමත් සමග මෙම මෝටර් රථය දුම්රියේ ගැටී තිබේ. මෙම ස්ථානයේ අනතුරු 11 ක් සිදුවී ඇති බව ප්‍රදේශවාසීහු පවසති. මෙම ස්ථානයේ ගේට්ටුකරුවෙකු නොමැති අතර කොළඹ ගම්පොල ප්‍රධාන මාර්ගයේ පැමිණෙන වාහන මෙම අතුරු මාර්ගයට පිවිසීමේ දී දුම්රිය පැමිණෙන බව රියදුරුට නොපෙනීම මෙම අනතුරු වලට හේතුව බව ප්‍රකාශ වෙයි.

 

පේරාදෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

266 Views

Comments

arrow-up