ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේ නමක් පිළිගන්වයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
13

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේ නමක් පිළිගන්වයි

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේ නමක් පිළිගන්වයි

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේ නමක් බටවල පාතේගම ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරස්ථානයට පිළිගන්වයි

 

අටමස්ථානාධිපති හා නුවර කලාවේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන් විසින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේගේ අංකුර බෝධිය රෝහණ සංඝ සභාවේ උපසම්පදා කාරක සභික බටවල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපති හබරක සෝභිත නාහිමියන් වහන්සේ වෙත පිළිගන්වා තිබෙ.

 

වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරස්ථානයේ සිට දර්ශණිය පෙරහරකින් බටවල පාතේගම ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය වෙත බෝධීන් වහන්සේ වැඩ කිරීම ඊයේ (12) දින සිදු කෙරිණි.

 

ශ්‍රී ධර්මරතන දහම්පාසල් ගුරු දරු දැරියන්, උඩරට නර්තන කණ්ඩායම්, හා පහත රට නර්තන කණ්ඩායම් මෙන්ම විශාල පිරිසක් මෙම සුවිශේෂී අවස්ථාවට එක්වී සිටියහ.

views

263 Views

Comments

arrow-up