වව්නියාවේදී බස් රියක් පාපැදියක ගැටී පුද්ගලයෙක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

වව්නියාවේදී බස් රියක් පාපැදියක ගැටී පුද්ගලයෙක් මරුට

වව්නියාවේදී බස් රියක් පාපැදියක ගැටී පුද්ගලයෙක් මරුට

-9 ප්‍රධාන මාර්ගයේ වව්නියාව මුන්ඩිමුරිප්පු ප්‍රදේශයේ දී කොළඹ සිට යාපනය බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක පා පැදියක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

 

මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු හතළිහක් පමණ වන තිදරු පියෙක් වන අතර ඔහු බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.

 

අනතුර සම්බන්ධයෙන් වව්නියාව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.

views

236 Views

Comments

arrow-up