ගම්පොළ ප්‍රදේශයේ කැලෑවක තිබී නාඳුනන මළසිරුරක් හමු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

ගම්පොළ ප්‍රදේශයේ කැලෑවක තිබී නාඳුනන මළසිරුරක් හමු වෙයි

ගම්පොළ ප්‍රදේශයේ කැලෑවක තිබී නාඳුනන මළසිරුරක් හමු වෙයි

ගම්පොල ඇත්ගල්ල කැලෑබද ප්‍රදේශයක තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ දහවල් සොයාගෙන තිබේ.

 

මෙම පුද්ගලයා ඇත්ගල්ල ප්‍රදේශයේ කුකුළු මස් නිෂ්පාදන ආයතනයක සේවය කළ 46 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි.

 

මියගිය පුද්ගලයා මෙලෙස කැලෑබද ප්‍රදේශයට ගිය හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, එම ප්‍රදේශයේ ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් මරණය සිදුවන්නට ඇති බව පොලීසිය සැක පළ කරයි. මෙම පුද්ගල මළසිරුර අසල තිබී සුනඛයෙකුගේ මළසිරුරක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.  

 

සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගම්පොළ මූලික රෝහලට ගෙන ගොස් ඇති අතර වැඩිදුර පරීක්ෂණ ඇත්ගල්ල පොලිසිය විසින් සිදු කෙරේ.

views

237 Views

Comments

arrow-up