දුම්රිය වැසිකිළියක් තුළ බිළිඳෙකු දමා යාමේ සිද්ධියේ පරීක්ෂණ මෙහෙයවූ බණ්ඩාරවෙල OIC ට එරෙහිව පරීක්ෂණයක්

දුම්රිය වැසිකිළියක් තුළ බිළිඳෙකු දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර මව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එම මව අපහසුතාවට පත්වන ආකාරයට හැසිරීමට අදාලව බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව පොලිස්පතිවරයා විසින් විශේෂ විමර්ශයක් ආරම්භ කොට තිබේ.
ළමුන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව පොලිස්පතිවරයා විසින් නිකුත් කොට ඇති චක්‍රලේඛ අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කොට ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
බිළිඳාගේ මව පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීම, සැකකාරියගෙන් ප්‍රශ්න කිරීම මෙන්ම විමර්ශනයේ තොරතුරු පිළිබඳව සැළකිලිමත් වීමකින් තොරව එම කාන්තාව අපහසුතාවට පත්වන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් විශේෂ විමර්ශනය ඒකකය ඔස්සේ මෙම විමර්ශනය සිදු වන බවද එම මූලස්ථානය නිවේදයක් නිකුත් කරමින් වැඩිදුරටත් කියා සිටී.
226 Views
Comments