රාජ්‍ය ආයතන වල ක්‍රියාකලාපයන් හේතුවෙන් විගණන ක්‍රියාවලියට බාධා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

රාජ්‍ය ආයතන වල ක්‍රියාකලාපයන් හේතුවෙන් විගණන ක්‍රියාවලියට බාධා

රාජ්‍ය ආයතන වල ක්‍රියාකලාපයන් හේතුවෙන් විගණන ක්‍රියාවලියට බාධා

රජයේ ආයතන රැසක මූල්‍ය ප්‍රකාශන නියමිත කාලසීමාවේදී භාර නොදීමෙන් විගණන කටයුතුවලට බාධා මතුව ඇති බවත්, රාජ්‍ය ආයතන සෑම වසරකම පෙබරවාරි 28 වැනි දින වන විට සිය මූල්‍ය ප්‍රකාශයන් විගණනය සඳහා ඉදිරිපත් කළ යුතු බවත් විගණකාධිපති ඩබ්ලිව්. පී .සී. වික්‍රමරත්න මහතා ප්‍රකාශ කර සිටී.

 

අදා රාජ්‍ය ආයතන භාර, අමාත්‍යාංශ ලේකම්වරුන් විසින් එම මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වන අතර විගණකාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ඇතැම් රාජ්‍ය ආයතන වසර 5 ක මුල්‍ය ප්‍රකාශ එකවර ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවය.

 

එය නිවැරදි ක්‍රියාවලියක් නොවන බැවින් තමාට එම වාර්තා භාර ගැනීමට නොහැකි බව ද, මූල්‍ය ප්‍රකාශයන් භාරදීම ප්‍රමාදවීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ණය ප්‍රදානය කිරීමේදී පනවා ඇති කොන්දේසි ඉටු කිරීමට ද බාධා එල්ල විය හැකි බවද විගණකාධිපතිවරයා සඳහන් කළේ ය.

views

241 Views

Comments

arrow-up