වැඩ තහනම් වූ ඛණිජතෙල් සේවකයින් බේරාගන්න පොහොට්ටුවෙන් උත්සාහයක්

ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ අනිවාර්ය නිවාඩු යවා සිටින සේවකයින් සම්බන්ධ ගැටළුවට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර හැකි ඉක්මණින් විසඳුමක් ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති කටයුතු උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පවසයි.
වැඩ තහනමට ලක්වූ ඛණිජතෙල් වෘත්තීය සමිති නියෝජිතයින් පිරිස ඊයේ (01) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අතර මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ද සහභාගි විය. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ අනිවාර්ය නිවාඩු යවා සිටින සේවකයින් නැවත රාජකාරියේ පිහිටුවීමට කටයුතු කරන බවය.
මෙරට තුළ ඉන්ධන බෙදාහැරීමේ අයිතිය විදේශීය සමාගම්වලට ලබාදීම ඇතුළු ලංකා ඛණිජතෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අතරතුර ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධා කළ ඛණිජතෙල් වෘත්තිය සමිති නායකයින් සිව්දෙනෙකු ඇතුළු 20 දෙනෙකු පසුගිය 29 වනදා සිට අනිවාර්ය නිවාඩු යැවීමට ඛණිජතෙල් නීතිගත සංස්ථාව හා තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමණාකාරීත්වය පියවර ගෙන තිබුණි.
මේ අනුව එම පිරිස්වලට ඛණිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට සහ තොග ගබඩා පර්යන්ත පරිශ්‍රයට ඇතුළු වීම ද තහනම් විය.
273 Views
Comments