මත්පැන් අලෙවිසැලක් විවෘත කිරීමට විරෝධය පාමින් රන්න නගරයේ විරෝධතාවක්

මත්පැන් අලෙවිසැලක් විවෘත කිරීමට සූදානමක් ඇති බවට ලද ආරංචියක් මත ඊට විරෝධය පා රන්න නගරයේ අද (02) විරෝධතාවක් පැවැත් වූ බව වාර්තා වේ.
රන්න ත්‍රෛනිකායික විහාරාධිපති සංගමය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර, රන්න කහඳාව විහාරස්ථානයේ සිට පාගමනින් රන්න නගරයට පැමිණි විරෝධතාකරුවන් ප්‍රධාන බස් නැවතුම් පොළ ඉදිරිපිට මෙලෙස විරෝධතාවයේ නිරත වූ බව සඳහන් වේ.
මෙම විරෝධතාවට භික්ෂූන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක් සහභාගීව සිටි බවද වාර්තා වේ.
262 Views
Comments