මහ වැසි ඉල්ලා මාවුස්සාකැලේදී ආගමික පූජාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
02

මහ වැසි ඉල්ලා මාවුස්සාකැලේදී ආගමික පූජාවක්

මහ වැසි ඉල්ලා මාවුස්සාකැලේදී ආගමික පූජාවක්

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට මේ දිනවල පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට විදුලි උත්පාදනය සදහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම 50% කින් පමණ පහළ බැස ඇති බව වාර්තා වේ.

 

මේ හේතුවෙන් මෙම ප්‍රදේශ වලට තද වැසි ලැබෙන ලෙසට ප්‍රාර්ථනා කරමින් මස්කෙලිය ප්‍රදේශයේ සර්ව ආගමික නායකයින් පිරිසක් විසින් මාවුස්සාකැලේ ජලාශයේදී අද (02) දින විශේෂ ආගමික වතාවත් රැසක් පවත්වනු ලැබූහ.

 

මවුස්සාකැලේ ජලාශය ඉදි කිරිමේදි ජලාශයට යට වූ පැරණි මස්කෙලිය නගරයේ පන්සල, කෝවිල, පල්ලිය මේ වන විට මතු වි ඇති අතර, එසේ මතු වූ ආගමික ස්ථාන වෙත මෙසේ ආගමික වතාවත් පවත්වනු ලැබුහ.

 

මාවුස්සාකැලේ ජලාශය ඉදි කිරිමේදී යට වී ගිය පැරණි මස්කෙලිය නගරයේ පන්සල, කෝවිල සහ පල්ලිය මේ වන විට මතු වී ඇති අතර, එම ආගමික ස්ථාන වල මෙසේ ආගමික වතාවත් පවත්වනු ලැබූ බව වාර්තා වේ.

 

මස්කෙලිය සහ නල්ලතන්නිය පොලිස් ස්ථාන වල නිලධාරීන්, මස්කෙලිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්, කැනියොන් ජල විදුලි බලාගාරයේ ඉංජිනේරුවන් සහ සේවකයින් ද, මාවුස්සාකැලේ ජලාශ වේල්ලේ ආරක්ෂක නිලධාරින් ද මෙම අවස්ථාවට එක්ව සිටි බව වාර්තා වේ.

views

238 Views

Comments

arrow-up