වැඩ වැරදුණු පිරවුම්හල් හිමියෝ කංචනට දුක කියති

QR කේතයෙන් බැහැරව ඉන්ධන නිකුත් කිරීම හේතුවෙන් ඉන්ධන අලෙවි කිරීම අත්හිටවූ පිරවුම්හල් 40 ක පිරවුම්හල් හිමියන්, එම තහනම ඉවත් කරන ලෙසට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.
දිගින් දිගටම QR කේතයෙන් බැහැරව ඉන්ධන අලෙවි කිරීම හේතුවෙන් පසුගිය 06 වනදා සිට මෙම පිරවුම්හල් වලට තාවකාලිකව ඉන්ධන අලෙවි කිරීම අත්හිටුවීමේ නියෝගයක් පැනවිය.
මේ වනතෙක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් එම අත්හිටුවීමේ නියෝගය ඉවත් කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යාංශය විසින් සඳහන් කර තිබේ.
කෙසේ නමුත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර එම පිරවුම්හල් 40 සඳහා නැවත ඉන්ධන අලෙවියට අවස්ථාව ලබාදීම පිළිබඳව අමාත්‍යාංශය සළකා බලන බව ඔවුන් දැනුම් දී ඇත.
283 Views
Comments