ඉන්දීය සහයෙන් ත්‍රිකුණාමලයේ නව තෙල් පිරිපහදුවක්

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජය වෙතින් යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි රජයේ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වී තිබේ.
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිත බවත්, එම සංචාරයේදී මේ සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙනු ඇති බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ද ඉන්දීය ව්‍යාපෘතියක් සඳහා ඉල්ලා ඇති බවත්, යෝජිත ඉන්ධන පිරිපහදුව ඇතිකරනුයේ ඊට පරිබාහිරව බවත් වැඩිදුරටත් වාර්තා වේ.
276 Views
Comments