ගුවන් යානා ඉන්ධන ප්‍රශ්නය විසඳන්න කටුනායක ගුවන්තොටුපොලේ නව ගබඩාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
02

ගුවන් යානා ඉන්ධන ප්‍රශ්නය විසඳන්න කටුනායක ගුවන්තොටුපොලේ නව ගබඩාවක්

ගුවන් යානා ඉන්ධන ප්‍රශ්නය විසඳන්න කටුනායක ගුවන්තොටුපොලේ නව ගබඩාවක්

ගුවන්යානා ඉන්ධන ප්‍රශ්නය විසඳීම සඳහා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 35,000 ක් ගබඩා කළ හැකි ගබඩාවක් ස්ථාපිත කිරීමට පෞද්ගලික අංශයට භාර දී ඇතැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටී.

 

එසේම, මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ පහසුව සඳහා ගුවන්තොටුපොල පැමිණීමේ පර්යන්තයේ  ආගමන විගමන කවුළු සංඛ්‍යාව 25 ක් දක්වා වැඩි කිරීමටත්, වීසා සඳහා පැවති කවුළු දෙකට අමතරව අලුත් කවුළු දෙකක් ස්ථාපිත කිරීමටත් කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.

views

228 Views

Comments

arrow-up